කොටින්ට යුද්දේ කරන්න සල්ලි දුන්නෙත් අපි…! GO Home Gota අරගලේට සල්ලි දුන්නෙත් අපි…! – දෙමළ ඩයස්පෝරා ප්‍රධානී…

August 17, 2022 at 11:49 am | by emanisa.lk

ගාලු මුවදොර අරගලයට දෙමළ ඩයස්පෝරාව අරමුදල් ලබා දුන් බව එහි ශ්‍රී ලංකා ප්‍රධානී නිමල් විශ්වනාදන් පවසයි.

ඩුබායි කටාර් වැනි රාජ්‍ය වල සිට මුදල් අරගලයට ලබා දුන් බවත් ඒවායේ ගිණුම් විස්තර තමන් සතුව ඇති බවත් හෙතෙම අනාවරණය කළේය.

දෙමළ ඩයස්පෝරාවේ සංවිධාන 06ක තහනම ඉවත් කිරීම පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහ අමාත්‍ය විජේදාස රාජපක්ෂට ස්තූති කරන බව ද ඔහු සඳහන් කරයි.

අවුරුදු 30ක් කොටි සංවිධානයට යුද්ධ කිරීමට මුදල් ලබා දුන්නේ ද දෙමළ ඩයස්පෝරාව බව නිමල් විශ්වනාදන් අවධාරණය කරයි.

රාජපක්ෂ පවුල කොටි යැයි තමන්ට මඩ ගසමින් කේ.පී. ආරක්ෂා කළ බවට ද ඔහු චෝදනා කරයි.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *