කොටහේනේ දැරිය දිවි නසා ගැනීම ගැන අපට අපහාස කරන්න එපා… ඒ පවුලේ තව දුවෙක් ඉන්නවා…! – අගමැතිනිය….

May 10, 2025 at 10:13 am | by emanisa.lk

කොටහේනේ පාසැල් දැරියක් දිවි නසා ගැනමේ සිදුවීම යොදා ගනිමින් ආණ්ඩුවට හෝ අමාත්‍යවරියට අපහාස කිරීමට කටයුතු කිරීම සුදුසු නොවන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමසූරිය පවසයි.

වැරැද්දක් සිදුව ඇති බව සියලු දෙනාම පිළිගන්නා බවත් දරුවා නොමැති වුවද එම පවුලේ මව පියා සහ තවත් දියණියක් සිටින බවත් ඔවුන් සියලු දෙනා ගැනද සිතිය යුතු බවත් අගමැතිවරිය සඳහන් කළාය.

දැරිය තම ජීවිතය අහිමි කර ගැනීමට තිරණයක් ගැනිම යනු සමාජයක් ලෙස අප අසමත් වීමක් යයිද අප සියලු දෙනාම ඒ සඳහා වගකිව යුතු බවත් මෙවැනි සිදුවීම් කිසිසේත් යළි සිදු නොවිමට කටයුතු කළ යුතු බවත් ඇය පාර්ලිමේන්තුවේදි අදහස් දක්වමින් පැවසුවාය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අදාළ පාසලේ විදුහල්පතිවරියන්ගෙන් ද මේ වන විට නිදහසට කරුණු විමසා ඇති බවද අගමැතිවරිය ප්‍රකාශ කළාය.

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය, අධ්‍යාපන අමාත්‍යංශය, ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය, පොලීසිය එක් කර ගනිමින් යාන්ත්‍රණයක් සකස් කිරීම‍ට මේ වන විට සාකච්ඡා කරමින් ඇති බවද ඇය කව දුරටත් පැවසුවාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *