පොළොන්නරුව කාත්තන්කුඩි මාර්ගයේ මනංපිටිය කොටලිය පාලම සඳහා මාර්ග සංවර්ධන අධිකාරියෙන් තාවකාලික ආරක්ෂක වැටක් ඉදිකර තිබේ.
තැනින් තැන බැරල් යොදා ඒවා සම්බන්ධ කරමින් ඉටි කොළ පටි යොදා ඇති අතර මේ සම්බන්ධයෙන් ද ප්රදේශවාසීන් දැඩි විරෝධය එල්ල වී ඇත.
පසුගිය 09 වැනිදා මෙම පාලමෙන් බස් රථයක් ගඟට පෙරළීමෙන් පුද්ගලයන් 11 දෙනකු මියගොස් තවත් 40 දෙනකුට වැඩි පිරිසක් තුවාල ලැබීය.