සැප්තැම්බර් 05, 06, 07, 08 යන පාර්ලිමේන්තු සතියේදී විදෙස් ගමන්වලින් වැළකී කොළඹ රැඳී සිටින ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමට දැනුම් දීමක් කර ඇති බව වාර්තා වේ.
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව එම සතියේදී විවාදයට ගෙන ඡන්ද විමසීමට නියමිත හෙයින් ජනාධිපතිවරයා මෙම දැනුම් දීම කර තිබේ.
ජනාධිපතිවරයා ඊයේ (28) පැවති කැබිනට් රැස්වීමේදී මේ බව ප්‍රකාශ කර ඇති බවයි, ආරංචි මාර්ග පැවසුවේ.