කෙහෙළිය, බිරිඳ සහ දුවත් අත්අඩංගුවට…..!

June 18, 2025 at 3:05 pm | by emanisa.lk

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ කුසුම් ප්‍රියදර්ශනී සහ දියණිය චන්දුලා රමනි අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසම් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ මුදල් විශුද්ධිකරණ චෝදනා මත සිදුකරන විමර්ශනයකට අදාළවය.

අද (18) උදෑසන අල්ලස් කොමිසමට කැඳවා හිටපු අමාත්‍යවරයාගෙන් ප්‍රකාශ ලබාගැනීමෙන් අනතුරුව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් තිදෙනා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *