පලිබෝධනාශක ආනයනය සම්පූර්ණයෙන්ම අත්හිටුවීම නිසා මේ වන විට නීත්‍යානුකූල නොවන මාර්ග ඔස්සේ ව්‍යාජ සහ තහනම් පලිබෝධනාශක ගොවීන් අතට පත්වීමේ අවදානමක් හටගෙන ඇතැයි පලිබෝධනාශක ආයනයකරුවන් ඇතුළු පාර්ශ්වල ඒකාබද්ධ සංවිධානය වන ක්‍රොප් ලයිෆ් ශ්‍රීලංකා සංවිධානය සඳහන් කරයි.
මේ නිසා මෙරට කෘෂි බෝගවල ගුණාත්මක භාවය අඩු වන අතර ගොවි ජනතාව ද දැඩි අනතුරුකට පත්වනු ඇතැයි ද එම සංවිධානය සඳහන් කරයි.
මේ වන විට පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ තෝරාගත් බෝග ආරක්ෂණ ද්‍රව්‍ය ප්‍රමාණයක් ආනයනය කිරීමට ක්‍රියාමාර්ග ගනිමින් පැවැතිය ද එමගින් මෙරට කෘෂි කේෂත්රයේ අවශ්‍යතාව නිසි පිරිදි ඉටුකිරීමට අසමත් බව ද එම සංවිධානය කියයි.