කුරුවිට පාලනයට අවම බලය යොදමින් වෙඩි තිබ්බා…! – අධිකරණ ඇමති….

August 7, 2026 at 11:45 am | by emanisa.lk

කුරුවිට බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් අතර ඇතිවූ නොසන්සුන්තාව පාලනය කිරීම සඳහා අවම බලය යෙදවීමට සිදුවූ බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය අමාත්‍ය හර්ෂණ නානායක්කාර පවසයි.

ඇමතිවරයා සඳහන් කළේ, ඒ අනුව වෙඩි තැබීමට සිදුවූ බවය.

රැඳවියන් පිරිසක් අතර ඇතිවූ නොසන්සුන්තාවෙන් මේ වන විට දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් කිහිපදෙනෙකු තුවාල ලබා රෝහල්ගතකර ඇත.

නොසන්සුන්තාව පාලනය සඳහා කඳුළු ගෑස් ප්‍රහාරද එල්ල කිරීමට සිදුවිය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *