කුරුන්දි විහාර ගැටුම පසුපස කතෝලිකයෙක්..! – ආරක්‍ෂක රාජ්‍ය ඇමති..

August 26, 2023 at 6:17 pm | by emanisa.lk

මුලතිව් කුරුන්දි විහාරයෙන් ගැටලුවක් ඇති කිරීම සඳහා කතෝලිකයෙකු විශාල උත්සාහයක නිරත වන බව වාර්තා වී ඇතැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් සඳහන් කරයි.

මානල්කුඩිඉරිප්පු, මුලතිවු ලිපිනයේ පදිංචි ඇන්තනි ජෙගනාදන් පීටර් ඉලංචේලියන් නම් එම පුද්ගලයා සම්බන්ධයෙන් ආරක්ෂක අංශ විශේෂ අවධානයක් යොමු ඇතැයි ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

නැවත ජාතිවාදී ප්‍රශ්නයක් ඇති කිරීමට ගන්නා උත්සාහය ගැන කණගාටු වන බවත් එවන් තත්ත්වයක් ඇති වීමට කිසිදු ආකාරයකින් ඉඩ ලබා නොතබව බවත් හෙතෙම සඳහන් කළේය.

පර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් රාජ්‍ය ආරක්ෂ ඇමැතිවරයා මේ බව පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *