මාලිමා මැති ඇමතිලා මාස 18න් කෝටිපති වුණේ කොහොමද…. සජබ අල්ලස් කොමිසමට…!

April 19, 2026 at 11:13 am | by emanisa.lk

අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත ඇතුළු ආණ්ඩුවේ මැති ඇමතිවරුන් වත්කම් ඉපයූයේ කෙසේදැයි සෙවීමට විමර්ශනයක් ඉල්ලා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට යාමට සමගි ජනබලවේගය සූදානම් වෙමින් සිටින බව වාර්තා වෙයි.

රුපියල් මිලියන10කට වඩා වැඩි වත්කම් වෙනසක් සිදු වුවහොත් මාසයක් ඇතුළත නව වත්කම් බැරකම් ප්‍රකාශයක් දිය යුතු බව 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ 82 (1) (ඉ) වගන්තිය යටතේ සඳහන් වී සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ප්‍රකාශ කරයි.

ඒ අනුව, ආණ්ඩුවේ මැති ඇමතිවරුන් සියල්ල වත්කම් ඉපයූ ආකාරය පිළිබඳව විමර්ශනයක් සිදුකිරීමට අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව කටයුතු කළ යුතු බවයි, ඔහු පෙන්වා දෙන්නේ.

ජනතා විමුක්ති පෙරමුණ විසින් ඡන්ද ඉලක්ක කොට එවකට සිටි ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ වත්කම් බැරකම් ජනතාව හමුවේ හුවා දක්වමින් එය මාකට් කළ බවත් අද වන විට ඔවුන් සිටි අයට වඩා වසර එක හමාරක් තුළ විශාල වත්කම්වලට උරුමකම් කියන පුද්ගලයන් බවට පත් වීම කිසිදු විනිවිදභාවයකින් තොර බවත් රහුමාන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස