කුරගල වෙහෙර වහන්සේට චූඩා මාණික්‍යය පූජාව ඇමැති ලොහාන් භාර ගනී….!

May 15, 2021 at 3:52 pm | by emanisa.lk

කුරගල අභිනවයෙන් ඉදිවන චෛත්‍ය රාජයාණන් වහන්සේ සඳහා චූඩා මාණික්‍යය පූජා කිරීමේ වගකීම රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ විසින් භාරගෙන ඇතැයි වාර්තා වෙයි.

රාජ්‍ය අමාත්‍යවරයා පෙරේදා (13) කූරගල පුදබිමෙහි සංචාරයක නිරත ව එහි විහාරාධිපති, මහනුවර නෙල්ලිගල විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ සමග පුදබිමෙහි නිරීක්ෂණය කළේ ය.

මේ සඳහා බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙනිය හා කුරුවිට බන්ධනාගාර අධිකාරිවරයා සහ නිලධාරීන්, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ, ප‍්‍රාදේශීය කළමනාකරුවන්, කල්තොට පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීහු රැසක් ද සහභාගී වූහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *