මැදින් පොහෝදා ඓතිහාසික කුරගල පුදබිම නැවතත් පිබිදෙයි…! පළාත ම සිල් සුවඳීන් ඉතිරෙයි….! අසදිසි ශාක්‍ය සුගත මහා සෑයට මුල්ගල තැබීම අද පස්වරුවේ…..!

March 28, 2021 at 12:02 pm | by emanisa.lk

මැදින් පුර පසලොස්වක පොහොය යෙදෙන අද දිනය ශාසනික වංශ කතාවෙහි වැදගත් දවසකි. බුදුරජාණන් වහන්සේ සිය පියාණන් වූ සුද්ධෝදන රජු සහ ශාක්‍ය වංශික ඥාතීන් දැකීමට මහාසංඝයා වහන්සේ සමග කිඹුල්වත්නුවර බලා වැඩමකර ඇත්තේ අද (28) වැනි පොහොය දිනයක දී ය. එමෙන්ම රාහුල කුමරුන්ට බුද්ධ ශාසනයේ පැවිදි බව ලබාදීම, යශෝධරාවට සඳකිදුරු ජාතකය දේශනා කිරීමද අද වැනි පොහොදිනක සිදු වී තිබේ.

එමෙන්ම ඓතිහාසික කූරගල පූජා භුමියේ දශක ගණනාවකට පසු පළමු වරට ආගමික වතාවත් සිදු කෙරෙන්නේ ද අදයි. අද එහි බෞද්ධ උවැසි උවැසියන් දහසකට අධික පිරිසක් අටසිල් සමාදම් වීමේ පිංකමක් ද පැවැත්වෙයි.

ඓතිහාසික කුරගල පුදබිම පසුගිය සමයේ ක්‍රම ක්‍රමයෙන් අන්තවාදීන්ගේ ග්‍රහණයට නතු වූ අතර බෞද්ධ පුරාවස්තු සූක්ෂ්ම ලෙස විනාශ මුඛයට ඇද දැමිණි.

එම පුදබීම වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමත් සමඟ නැවත සුරක්ෂිත කළ අතර මේ වන විට එහි සංවර්ධන කටයුතු සිදුවෙයි.

ඓතිහාසික කූරගල පුජා භුමියේ වත්මන් භාරකාරත්වය දරන්නේ නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන නායක ස්වාමින් වහන්සේ ය.

වසර ගණනාවක් පුරා මුස්ලිම් භක්තිකයින් විසින් මහරහතුන් වහන්සේලා වැඩ සිටි කූරගල පුදබිමේ ගල් ලෙන් තුළ සිය ආගමික ස්ථාන ඉදිකරමින් සිදු කළ වරද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මැදිහත් වීමෙන් නිවැරදි කිරීමට අවශ්‍ය කටයුතු ද සිදුකරමින් තිබේ.

අද (28) පස්වරුවේ “අසදිසි ශාක්‍ය සුගත මහා සෑය” නමින් මෙම නව චෛත්‍ය රාජයාණන් වහන්සේ ඉදිකිරීමට මුල්ගල තැබීමට කටයුතු යොදා ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස