කුඹුරුවල වී වෙනුවට බඩඉරිඟු වගා කිරීමේ හැකියාව සොයා බැලේ….!

July 5, 2026 at 6:42 pm | by emanisa.lk

ජල කලමනාකරණ කමිටුව (03) දින ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේදී පැවැත්විණ. මේ සඳහා මෙහිදී විශේෂයෙන් ඉදිරියේදී ශ්‍රී ලංකාව ඇතුළු සමස්ත ලෝකයටම බලපාන එල්නිනෝ තත්ත්වය තුළ රට මුහුණදෙන අභියෝග සහ ඊට සූදානම් විය යුතු ආකාරය සම්බන්ධයෙන් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග ඇමති කේ.ඩී. ලාල් කාන්ත මහතාගේ ප‍්‍රධානත්වයෙන් සාකච්චාවක් පැවැත්විණ.
මෙහිදී කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයට අදාළ සියලු ආයතන විසින් ඉදිරි තත්ත්වයන්ට මුහුණ දෙන ආකාරය සම්බන්ධයෙන් සිය සැලසුම් ඉදිරිපත් කළේය.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කළේ වී වගාවේදී මාස දෙක හමාරෙන් අස්වනු ලබාගත හැකි වී ප්‍රභේද වගා කිරීම කෙරෙහි ගොවීන් යොමු වීම වඩාත් යෝග්‍ය බවයි.

නිසි කාලයට වගාව ආරම්භ කිරීම කෙරෙහි ද ගොවීන් අවධානය යොමු කළ යුතුය. වැසි ජලය ගබඩා කිරීමට ද ගොවීන් නැඹුරු වීම්ེකෙරෙහිද සාකච්ඡා විය.

ඉදිරි මාස් කන්නයේ සැලසුම් වලට අමතරව 2027 යල් කන්නයේ ඇතිවන තත්වයන් පිළිබදවද අවධානය යොමු විය. අතරමැදි කන්නයේ වගා කරන මුං වගාවට ඇතිවන බලපෑම සහ ඒවාට විසඳුම්ද සාකච්ඡා කරන ලදී.

මෙහිදී වී වගා කරන ස්ථානවල බඩඉරිඟු වගා කිරීමට හැකියාවක් පවතින්නේද සහ හැකියාවක් පවතින්නේ නම් ඒ සම්බන්ධයෙන් විශේෂ සොයා බැලිමක් සිදු කරන ලෙස නිලධාරීන්ට අවධාරණය කළේය.

ඉදිරි කන්න සඳහා රටේ බීජ අවශ්‍යතාව සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමු විය. ජාතික පොහොර ලේකම් කාර්යාලය විසින් රටේ පොහොර අවශ්‍යතාවය සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරන ලදී.

මෙම අවස්ථාවට විදුලි බල හා බලශ්කති නොයෝජ්‍ය අමාත්‍ය අක්‍රම් ඉල්ලෙයාස් මහතා, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය නියෝජනය කරන ආයතන මෙන්ම විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය, නිවාස ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශය, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, වනජීවී දෙපාර්තමේන්තුව, ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය නියෝජනය කරමින් නිලධාරීන් සහභාගී විය

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස