කුඩු හාල්මැස්සෝ නෙමෙයි, තෝරු මෝරු අත්අඩංගුවට ගනු..!

January 11, 2024 at 6:07 pm | by emanisa.lk

යුක්තිය මෙහෙයුම මගින් මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ හාල්මැසන් වෙනුවට හැකි නම් තෝරු මෝරු අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා සිටින බව සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර පවසයි.

මත්ද්‍රව්‍ය ජාවාරම රටින් තුරන් කිරිමට නම් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත තෝරු මෝරු අත්අඩංගුවට ගැනීම සිදුකළ යුතු බවත් මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම හරියාකාරව සිදුකරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් මහ ලේකම්වරයා සඳහන් කළේය.

කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ අද (11) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කීවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *