ශ්රී ලංකා නීතීඥ සංගමයේ හිටපු සභාපති, ජනාධිපති නීතීඥ සාලිය පීරිස්ට එරෙහිව අද විරෝධතාවක් දියත් විය.
සාලිය පීරිස්ට එරෙහිව විරෝධතා පුවරු ප්රදර්ශන කළ විරෝධතාකරුවෝ “කුඩු සාලිය අපට එපා..! කුඩු සාලිය අපට එපා…!” යැයි සටන් පාඨ කීහ.
කුප්රකට කුඩු ජාවාරම්කරුවෙකු සහ අපරාධකරුවෙකු වන නඳුන් චානක හෙවත් හරක් කටා වෙනුවෙන් ජනාධිපති නීතීඥ සාලිය පීරිස් පෙනී සිටීම සදාචාර විරෝධී බවයි, විරෝධතාකරුවන් සඳහන් කළේ.