කිසිසේත් විදුලි කප්පාදුවකට යාමට රජය සූදානම් නැතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස අවධාරණය කරයි.
රජයේ පරමාර්ථය විදුලිය අඛණ්ඩ සැපයීම බව කී අමාත්‍යවරයා වඩා ලාභදායී විදුලි ප්‍රභවයන් කෙරෙහි අවධානය යොමු කරමින් තත්ත්වය කළමනාකරණය කරන බවද සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ බව කීවේ ඊයේ (22) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීය.
2025- 26 ගල් අඟුරු ප්‍රසම්පාදනයේදී නියමිත විදුලි ප්‍රමාණය උත්පාදනය නොවීම නිසා මතුවන අලාභය ජනතාව මත පටවන්නේ නැති බව මහජන උපයෝගීතා කොමිසම පැහැදිලිව කියා තිබෙන බව කී අමාත්‍යවරයා ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයේ ස්ථාවරයත් එය බවද පැවසීය.