කිසිවෙකුට සියයට පනහා නැහැ… දෙවෙනි මනාපය ගණනයට සූදානම්…!

September 22, 2024 at 12:51 pm | by emanisa.lk

ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙවර ජනාධිපතිවරණයේ දී දෙවැනි මනාපය ගණන් කිරීමට සිදු විය හැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඒ, ජනාධිපතිවරණ ප්‍රතිඵල අනුව කිසිදු අපේක්ෂකයකුට වලංගු ඡන්ද ප්‍රමාණයෙන් 50%ක් ලබාගත නොහැකි හෙයිනි.

මේ වන විට අනුර දිසානායක ලැබී ඇති ඡන්ද ප්‍රමාණය අනුව පෙරමුණ ගෙන සිටින අතර දෙවැනි ස්ථානයේ පසුවන්නේ සජිත් ප්‍රේමදාසය.

ඒ අනුව සෙසු අපේක්ෂකයන් තරඟයෙන් ඉවත් කර ඔවුන්ගේ දෙවෙනි සහ තෙවෙනි මනාප ගණන් කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ්. එල් රත්නායක මහතා සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *