කිලිනොච්චි කොකාවිල් 4 වන යුද හමුදා කාන්තා ස්වේච්ඡා බලකා කඳවුර අසල පසුගිය 15 වෙනිදා විරෝධතාවක් සිදුකර තිබේ.
මෙම විරෝධතාව සිදුකර ඇත්තේ ස්ථාන මාරු ගැටලුවක් සම්බන්ධයෙන් දෙමළ හමුදා සෙබළියන්ගේ මාපියන් විසිනි.
කෙසේ වුව ද මෙය වැරදි තොරතුරු මත පදනම්ව සිදුකළ විරෝධතාවක් බවත් එම සෙබළියන් සිය ස්ථාන මාරු කිරීමේ කිසිදු සූදානමක් නොමැති බවත් යුද හමුදාව පවසයි.