කිරිකැටියා දුම්රිය වැසිකිළියේ අතැර ගිය පෙම්වතුන් අත්අඩංගුවට…!

March 11, 2023 at 5:34 pm | by emanisa.lk

මීනගයා දුම්රියයේ වැසිකිළිය තුළ බිලිඳු දරුවා දමා ගිය 26 හැවිරදි පෙම්වතුන් යුවළ අත්අඩංගුවට ගෙන ඇතැයි  පොලිසිය කියයි

මඩකලපුව  දක්වා පිටත්ව යාමට සූදානම් තිබූ මීනගයා දුම්රියේ වැසිකිළියක් තුල නිල් පාට කූඩයක දමා බිළිඳා දමා ගොස් තිබියදී මගින් ලබා දුන් තොරතුරක් අනුව දුම්රිය බලධාරීන් විසින්  ඊයේ (10) රාත්‍රියේ සොයා ගැනිණි

අත්අඩංගුවට ගත් තරුණයා දෙහිවල ප්‍රදේශයේ රැකියාව නිරත වී ඇති අතර තරුණියට දරුවකු ලැබීමට සිටින බව ආරංචි වීමෙන් පසු ඇය කොළඹට ගෙන්වා ගෙන නතර කිරීමට කටයුතු කර ඇත

සැකකාර තරුණියට ඉකුත් පසුගිය මස 25 වැනි දින මෙම දරුවා ලැබී ඇති අතර පසුව දරුවා ඊයේ රාත්‍රී මෙලෙස දමා ගොස් තිබිණි

බණ්ඩාරවෙල  නායබැද්ද හා කොස්ලන්ද ප්‍රදේශවලදී සැකකාර තරුණයා සහ තරුණිය අත්අඩංගුවට ගෙන තිබිණි

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *