අනුර දිසානායක ජනාධිපති වුණා පොල් කෝ කියා ප්‍රශ්න කරන අයගෙන් මෙතෙක් කල් පොල් සංවර්ධන ඇමැති කුමක් කළේ දැයි තමන් ප්‍රශ්න කරන බව ජාතික ජන බලවේගයේ සමන්ත විද්‍යාරත්න පවසයි.
අනුර ජනාධිපති වී පොල් පැලයක් සිට වුව ද මාසයයි දවස් හයෙන් පොල් කැඩිය නොහැකි බවයි, ඔහු පෙන්වා දුන්නේ.
බිත්තර ගණන් අඩු වී නැවත වැඩි වූ බවත් කිකිළියක් පැටියක් දමා බිත්තරයක් දැමීමට මාස හතරහමාරක් පහක් ගත වන බව ද සමන්ත විද්‍යාරත්න සඳහන් කරයි.
එසේ නම් ජාතික ජන බලවේග ආණ්ඩුව බිත්තර දමන්න දැයි ඔහු වැඩි දුරටත් විමසා සිටියේ එම පක්ෂයේ ජන රැලියක් අමතමිනි.