කෑගල්ල සජබ කාර්යාලයේ වෙඩි තැබීමක්…! කාර්යාල ඇඳක් මත සේවිකාව මරුට…!

September 1, 2022 at 11:27 am | by emanisa.lk

කෑගල්ල සමගි ජනබලවේගය කාර්යාලයේ සේවිකාවක් කාර්යාලයේ පිටුපස කාමරේක ඇඳක් මත වෙඩි වැදී මිය ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ තල්දූව පවසයි.

වයස අවුරුදු 36 වන එම කාන්තාව කෑගල්ල හබුදුගල ප්‍රදේශයේ පදිංචිකාරියකි.

ඇයගේ නිවසට ගිය කෑගල්ල සමගි ජන බලවේගය සංවිධායක ඇය අද උදෑසන කාර්යාලය වෙත කැඳවාගෙන විත් තිබූ බවට තොරතුරු අනාවරණය වී ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

ඇය වෙඩි තබා තබාගෙන සිය දිවි නසා ගත්තා ද නො එසේනම් වෙනත් අයෙක් ඇයට වෙඩි තැබුවා ද යන්න මෙතෙක් අනාවරණය වී නැතැයි ද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *