කැස්ස හෙම්බිරිස්සාව සහ හුස්ම ගැනීම අපහසු නම් රෝහලට යන්න එපා! වහාම 1390 අමතා නියම වෛද්‍ය උපදස් ලබා ගන්න!

April 5, 2020 at 12:53 pm | by emanisa.lk

මේ දිනවල කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව සහ ස්වසන අපහසුතා පවතින්නේ නම් වහාම 1390 ක්ෂණික දුරකතන අංකය අමතා ඒ පිළිබඳ දැනුම් දෙන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහ ජනතාවට දැනුම් දෙයි.

වෛද්‍යවරුන් 100කට අධික සංඛ්‍යාවක් මේ සඳහා දායකත්වය ලබා දෙන අතර එමගින් ඔබට අවශ්‍ය උපදෙස් ලබා ගැනීමට හැකියාව ලැබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කරයි.

එසේම කොවිඩ් 19 ආසාදිතයින් සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ කටයුතු මේ වන විට තීව්‍ර කර ඇති බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස