රට තුළ මතුව ඇති අර්බුදය හමුවේ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වීමට තීරණය කර ඇත.
අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ ඊයේ රාත්‍රියේ පැවැති කැබිනට් ඇමතිවරුන්ගේ විශේෂ සාකච්ඡාවක දී මෙම තීරණය ගෙන ඇත
ඒ අනුව ඉල්ලා අස්වීමේ ලිපි ඇමතිවරුන් විසින් අගමැති මහින්ද රාජපක්ෂ වෙත ඊයේ රාත්‍රියේම භාර දෙනු ලැබ ඇති අතර, එය අගමැතිවරයා විසින් ජනාධිපති වරයා වෙත අද (04) පෙරවරුවේ බාර දෙනු ඇත.
අගමැති මහින්ද රාජපක්ෂ ඉල්ලා අස්වීමට සූදානම් වුව ද සමස්ත කැබිනට් මණ්ඩලය ම ඊට එරෙහි වී ඇතැයි දැනගන්නට තිබේ.
මේ අතර මුදල් ඇමති බැසිල් රාජපක්ෂ සහ කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ අතර එම සාකච්ඡාවේ දී මත ගැටුමක් ඇති වූ බව ද වාර්තා වේ.
ඒ අනුව නව අමාත්‍ය මණ්ඩලය ජනාධිපතිවරයා ඉදිරියේ හෙට දිවුරුම් දීමට ඉඩ ඇතැයි ද ආරංචි මාර්ග සඳහන් කරයි.