කාන්තාවන්ට රටේ හමුදාපති විය හැකි නව නීති…!

December 5, 2023 at 5:44 pm | by emanisa.lk

ත්‍රිවිද හමුදා කාන්තා බළකා නියෝග එම නිලධාරිනියන්ට හමුදාවේ ඉහළ ම නිලයට යා හැකි ලෙස යාවත්කාලීන කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසයි.

“අද අපි මෙතැන කාන්තාවන් හා ළමයින් ගැන කතා කරනවා. කාන්තාවන්ට ඉහළ තනතුරුවලට යා හැකි ක්‍රමවේද තිබෙනවා. නමුත් ඇතැම් තැන්වල එහි ගැටලු තිබෙනවා.

ත්‍රිවිධ හමුදාව කියන්නේ එවැනි තැනක්. කාන්තා නිලධාරිනියට ත්‍රිවිධ හමුදාවේ උසස්ම නිලයට යා හැකි අයුරින් අපි නීති ඉදිරියේදී සකස් කරනවා.

මේ සම්බන්ධ කෙටුම්පත සකසා නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කර තිබෙනවා.”

අද (05) පාර්ලිමේන්තුව අමතමින් හෙතෙම මේ බව ප්‍රකාශ ක‍ළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *