කාදිනල් මේ රටේ අධිකරණය හරි අගවිනිසුරු හරි නෙමෙයි…! – මෛත්‍රී…

April 19, 2023 at 5:51 pm | by emanisa.lk

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය ඇත්තේ අධිකරණයට හෝ අගවිනිසුරුට මිස කාදිනල් හිමියන්ට නොවන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

ප්‍රශ්නය – සර් දැන් ඔබතුමාගේ දඩ මුදල ගෙවන්න ලෑස්ති වෙලා ද ඉන්නේ ?

“ඒක ඉතින් ඉස්සරහට බලමු. අධිකරණය කියන දේ අපි කරන්න එපැයි. ඒවට ගරු කරන්න එපැයි.”

ප්‍රශ්නය – කාදිනල්තුමා ඊයෙත් කිව්වා ගෙව්වේ නැත්නම් අනිවාර්යයෙන් දැඩි නීතිමය පියවර ගත යුතුයි කියලා.

“එයා අගවිනිසුරු නෙමෙයි නේ. ඒවා තීන්දු කරන්නේ අධිකරණය නේ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *