කාගේ හරි හිත රිදුණා නම් කෝටි වාරයක් සමා වෙන්න…! – ඕමල්පේ හිමි බැහැදුටු දේවගැති ජෙරම්ගේ මාපියෝ….

August 19, 2023 at 8:56 am | by emanisa.lk

ආගමික ආතතිය ඇති වන ආකාරය ප්‍රකාශයක් කිරීමෙන් පසුව ශ්‍රී ලංකාවෙන් පළා ගොස් සිටින දේවගැති ජෙරම් ප්‍රනාන්දුගේ මවුපියන් අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් සමාව අයැද සිටිති.

රාමාඤ්ඤ නිකායේ මූලස්ථානයට පැමිණ පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් බැහැදැක මෙසේ සමාව ඉල්ලා තිබේ.

තම පුත්‍රයා අතින් කියවුණු වචනවලට ඕනෑම අයෙකුගේ සිත් රිදුණේ නම් කෝටි වාරයක් සමා වන ලෙස එම දෙමාපියෝ කියා සිටියහ.

තම පුත්‍රයා ද නැවත ලංකාවට පැමිණිය හොත් ඔහු ද නැවත මේ සිදුවීම සම්බන්ධයෙන් සමාව ඉල්ලනු ඇති බව ද ඔවුහු එහිදී තවදුරටත් සඳහන් කළහ.

ජෙරම්ගේ මාපියන් සිය පුතුගේ වරද අවබෝධ කරගෙන කටයුතු කිරීම පිළිබඳ සන්තෝෂ වන බවයි, එහි දී ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි ප්‍රකාශ කළේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *