ක්ලබ් වසන්ත මරන්න ටැටූ හිමිකරු ලක්ෂ 10ක් අරන්…!

July 9, 2024 at 9:20 am | by emanisa.lk

ඊයේ පෙරවරුවේ අතුරුගිරියේ ටැටූ ව්‍යාපාරික ආයතනයක සිදු කල වෙඩි තැබීම සම්බන්ධයෙන් එහි හිමිකරු ඇතුළු හය දෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

“ඩුබායිවලින් ආව කන්ට්‍රෑක්ට් එකට ක්ලබ් වසන්ත මරන්න මං උදව් කළා. ඒ ප්ලෑන් එක අනුව ටැටූ ෂොප් එකේ විවෘත කිරීමේ උත්සවයට වසන්තව ගෙන්නලා එයාව මරන සැලසුම ක්‍රියාත්මක කළා. ඒ වෙනුවෙන් මට ඩුබායිවලින් රුපියල් ලක්‍ෂ 10ක මුදලක් ලැබුණා” යැයි ක්ලබ් වසන්ත ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් අතුරුගිරිය ටැටූ ආයතනයේ හිමිකරු පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පාපොච්චාරණය කර ඇත.

ටැටූ ආයතනයේ හිමිකරුගේ ගිණුමට ඩුබායි සිට රු. ලක්ෂ 10ක් ලැබී ඇති බව ද පොලිස් විමර්ශනවල දී හෙළිව තිබේ.

මේ අතර මෙම ප්‍රහාරය, යුරෝපයට පළාගොස් සිටින පාතාල කල්ලි නායක කංජිපානි ඉම්රාන්ගේ මෙහෙයවීමෙන් සිදුවී ඇති බවට පොලිසිය සැක පහළ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *