ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාව ඡන්ද විමසීමකින් තොරව ඒකමතිකව සම්මත කර ගැනුණි.
දූෂිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ඇතුළු නිලධාරී මණ්ඩලය ඉවත් කිරීමට අදාළව මෙම යෝජනාව රැගෙනවිත් තිබුණි.
කෙසේ වුව ද ජාතික ජන බලවේගයේ කිසිදු මන්ත්‍රීවරයෙක් විවාදය අවසානයේ පාර්ලිමේන්තු සභා ගර්භයේ රැඳී සිටියේ නැත.