ක්‍රිකට් යළි ස්ථාපිත කරන්න දිවි හිමියෙන් කටයුතු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වැඩ බලන ලේකම් ක්‍රිෂාන්ත කපුවත්ත පවසයි.
“ක්‍රිකට් යළි ස්ථාපිත කරගැනීමට අපි දිවි හිමියෙන් කටයුතු කරනවා. ඒක කරන්න ඇමතිටත් ආරාධනා කරනවා. මේ ප්‍රශ්නය මෙතැනින් සමථයකට පත් කරගන්න. සභාපති ලබන සතියේ ඒ රැස්වීමට යනවා. ඒක සාර්ථක වෙයි කියලා හිතනවා.
දැන් මේකෙන් වෙන්නේ 19න් පහළ ලෝක තරගාවලියට යන්න බැරි වෙන එක. ලංකා සත්කාරකත්වය නැති වෙන එකයි. ජනවාරි පවත්වන්න තිබ්බ ක්‍රිකට් වසන්තය කඩාකප්පල් වෙලා.”
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී අද (11) කැඳවා තිබෙන විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී මෙම අදහස් පළ කළේය.