කළුතර ලැගුම්හලක ඉහළ මහලකින් වැටී මියගිය බව කියන 16 හැවිරිදි සිසුවියවගේ මරණයේ ප්‍රධාන සැකකරුවාට මුදලට අලෙවිකර ඇති බවට පොලීසිය සැක පළ කරයි.
මියගිය සිසුවියව සිද්ධියේ ප්‍රධාන සැකකරුට රුපියල් 20,000 ක මුදලකට අලෙවි කිරීමට සිසුවිය සමග ලැගුම්හලට ගිය තරුණියගේ පෙම්වතා යෝජනා කර ඇති බවට පොලීසිය සැක පළ කරයි.
ඒ අනුව ප්‍රධාන සැකකරු එම මුදලින් කොටසක් ඔහු වෙත ලබාදී ඇති බවට සැකසහිත බවත් ඒ ඔස්සේ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවත් පොලීසිය පවසයි.
මේ අතර රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටි ප්‍රධාන සැකකරු කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඊයේ (12) ඉදිරිපත් කෙරුණි.
දැරියට අවසන් දුරකතන ඇමතුම ලබා දුන්නේ ඈ හෝටලය වෙත රැගෙන ගිය යෙහෙළිය බවට සැක කරන අතර මේ වන විට කැලණි ගඟට විසි කළ බව කියන දැරියගේ දුරකතනය සොයා විමර්ශන ආරම්භ කර ඇත. 19 හැවිරිදි එම තරුණිය නොයෙකුත් සමාජ විරෝධී ක්‍රියා සඳහා සම්බන්ධ බවට ද තොරතුරු ලැබී ඇතැයි වාර්තා වෙයි.
සැකකරු හෘද රෝගියෙක් බවත් බන්ධනාගාරය තුළදී විශේෂ ආරක්ෂාවක් සලසන ලෙසත් විත්තියේ නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
මේ අතර දැරියගේ පාදයක සහ පියයුරක දත් පහරවල් නිරීක්ෂණය වන බවත්, එය සැකකරුගේ දත් පහරවල් ද යන්න පරීක්ෂා කිරීම සඳහා සැකකරු වෝහාරික වෛද්‍යවරයෙකු වෙත පැමිණවීමට අවසර ලබාදෙන ලෙසත් පොලීසිය අධිකරණයෙන් ඉල්ලා තිබේ.