කලා ක්ෂේත්‍රයේ ප්‍රවිණයකු මිය ගිය විට ඔහුගේ හෝ ඇයගේ දේහය තැන්පත් කිරීම සඳහා ජාතික කලාභවන වෙනුවට උසස් තත්ත්වයේ අවමංගල්‍ය ශාලාවක් ඉදිකිරීමට ආණ්ඩුව තීරණය කර ඇතැයි බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ඇමැති මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි පවසයි.
“ජාතික කලාභවන තවම හරිහැටි පිළිසකර කරගන්න අපට බැරිවුණා. ජාතික කලාභවන තමයි අපේ රටේ කලාකරුවන්, වටිනා මිනිසුන්, දැවැන්තයන් මිය ගිය විට අවසන් හෝරා දෙක තුන ගත කරන්න භාවිත කළේ.
අපේ බලාපොරොත්තුවක් තිබෙනවා එය නිවැරදි කරන්න. ඉන් මා අදහස් කළේ රජයේ අනුග්‍රහය සහිත ඉතා හොඳ මට්ටමේ පාලර් එකක් ඒ වෙනුවෙන් වෙන් කරලා ජාතික කලා භවන, රටක ජාතික කලා භවන ලෙසම වැඩ නිමකරලා රටට දායාද කරන්න.”