කලකට පසු යාපනේ මහ ඉහළින් නිදහස සැමරුම්..! ජාතික කොඩි ඔසවා ගත් මහ ජන ගඟක්..!

February 5, 2022 at 12:56 pm | by emanisa.lk

ඊයේ (04) යාපනේ දී 74 වෙනි ජාතික නිදහස් දිනය ඉතා උත්කර්ෂවත් ලෙස සැමරිණි.

යාපනේ සිවිල් සංවිධාන කේන්ද්‍රය මගින් සංවිධානය කර තිබූ මෙම උත්සවය අතිවිශාල ජනතාවක් එකතු වී තිබිණි.

සිංහල හින්දු සංස්කෘතිකාංගවලින් මෙම උත්සව සභාව අලංකාර වූ අතර තරුණයින් සිය ගණනක් ජාතික කොඩි අතැතිව යතුරු පැදිවලින් උත්සව ශාලාව වෙත පැමිණියහ.

එම උත්සව සභාව අමතමින් අරුණ් සිද්ධාර්තන් පැවසුවේ සිංහල භාෂාව සහ බෞද්ධාගම ආරක්ෂා කිරීමට දෙමළ ජනතාව සූදානම් බවත් දෙමළ භාෂාව සහ හින්දු ආගම රැකගැනීමට සිංහල ජනතාව එකතු විය යුතු බවය.

භාෂාවෙන් පමණක් සිංහල සහ දෙමළ වන එක අම්මාගේ දරුවන් වන අප, සියලු වාදභේද දුරැර ඒකීය රාජ්‍යය රැක ගැනීමට පෙරමුණගත යුතු බව ද හෙතෙම අවධාරණය කළේ ය.

පසුගිය සමයේ නිදහස් දිනයට උතුරේ පැවැතියේ කළු කොඩි ඔසවන විරෝධතා ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *