කරාපිටියේ සුළු සේවිකාවට පහර දුන් වෛද්‍යවරයා අත්අඩංගුවට..!

January 18, 2024 at 1:13 pm | by emanisa.lk

කරාපිටිය රෝහලේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවිකාවකට පහර දීම සම්බන්ධයෙන් එම රෝහලේ පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා අද(18) අත්අඩංගුවට ගෙන තිබේ.

වෛද්‍යවරුන්ගේ දීමනා ඉහළ නැංවීමට එරෙහි සෞඛ්‍ය සේවක වර්ජනයෙන් පසු නැවත සේවයට පැමිණි සේවිකාවකට ඊයේ (17) වෛද්‍යවරයා පහර දුන් බවට චෝදනා කරමින් රෝහල් පොලිසියට පැමිණිලි කර ඇත.

මෙම සිදුවීම මුල් කරගෙන කරාපිටිය රෝහලේ සේවකයින් නැවත වර්ජනයකට ගොස් ඇති අතර ගාල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගත් වෛද්‍යවරයා පෞද්ගලික රෝහල ප්‍රතිකාර ලබන බව වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *