කයිවාරු ගැහුහවට කවුරුත් අයින් කළේ නෑ… ජනපති වී විධායක ජනාධිපති ධූරය අහෝසි කරනවා…! – සජිත්…

August 18, 2024 at 8:01 pm | by emanisa.lk

තමා ජනාධිපති වූ පසු විධායක ජනාධිපති ධූරය අහෝසි කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

විධායක ජනාධිපති ධූරය ඉවත් කරන බවට බොහෝ දෙනෙකු ප්‍රකාශ කළ ද කිසිවෙකු එය ඉටු නොකළ බවයි, ඔහු පෙන්වා දුන්නේ.

තමන්ට තනතුරු බදා ගැනීමේ ආශාවක් නොමැති බවත් ජනාධිපති වී ජනාධිපති ධූරය අහෝසි කොට පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය වැළඳ ගන්නා බව ද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

අද (18) රුවන්වැල්ලේ පැවැති ජන රැලියක් අමතමින් හෙතෙම මේ බව කීය.

සැප්තැම්බර් 21 මේ රටේ ජනතාව දුකින් මුදවන යුගය ආරම්භ කරන බව ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *