දැනට අතහැර දමා දිරාපත් වෙමින් ඇති කන්තලේ සීනි සමාගම නව ආයෝජකයෙකුට පැවරීමට බැසිල් රාජපක්ෂ මහතා කටයුතු කරන බව කියමින් ගුණදාස අමරසේකර මහතාගේ මූලිකත්වයෙන් ජාතික සංවිධාන එකතුව විසින් අද 9.30ට සංවිධානය කර ඇති මාධ්‍ය සාකච්ඡාවේ දී හැකිනම් කෙනෙකු පහත ප්‍රශ්න අසන්න.
1, මෙම ආයෝජනය සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත්තේ 2015 පෙබරවාරි 14 වන දින බව ඔබ දන්නවාද?
2, එම අනුමැතියට අනුව 2015 ජූලි මස 13 වැනිදා MG sugar නම් සමාගම සමග ශ්‍රී ලංකා රජය ගිවිසුම්ගත වූ බව ඔබ දන්නවා ද?
3, 2017 වසරේ දී, ඉහත ගිවිසුමට අනුව, අදාළ සමගමට ප්‍රදේශයේ ඉඩම් හෙක්ටයාර් 200ක් පමණ ලබා දීමට ජනාධිපතිවරයා විසින් බදු ලේඛනවලට අත්සන් තබා ඇති බව ඔබ දන්නවාද?
4, කෙසේ වෙතත්, මෙම ගිවිසුම තිබෙන අතරතුර, මෙම පැමිණි කම්හලට අයත් යකඩ විකිණීම ගැන අදාළ සමාගම හා ලංකා රජය සමග ආරවුලක් ඇති වූ බව ඔබ දන්නවා ද?
5, එහි ප්‍රතිඵල ලෙස අදාළ විදෙස් සමාගම, සිංගප්පූරුවේ ජාත්‍යන්තර බේරුම්කරණ අධිකරණය ගිය අතර, එම අධිකරණය විසින් සමාගමට පක්ෂපාතී ව තීන්දුව ලබා දී කන්තලේ සමාගමේ යකඩ සිංගප්පූරු සමාගමට ලබා දීමට හා ලංකා රජයට දඩ මුදල් ගෙවීමට නියම කර ඇති බව ඔබ දන්නවා ද?
6, මෙම තත්වය මත, ආණ්ඩුව වෙනස් වූ පසු, නව රජය, 2020 වසරේ දී මෙම ගිවිසුම අවලංගු කිරීමට නීතිපතිවරයාගෙන් උපදෙස් පැතු බව ඔබ දන්නවා ද?
7, එහි දී නීතිපතිවරයා විසින්, ජාත්‍යන්තර අධිකරණ තීන්දුව පවතින නිසා, අදාළ ආයෝජකයාගේ ආයෝජන සැලැස්ම නොමැතිව මෙය අවලංගු කිරීමට සුදුසු නොවන බවට රජයට උපදෙස් දුන් බව දන්නවා ද?
8, ඒ අනුව, අදාළ සමගම සමග ඇති ගිවිසුමෙහි රජයට අවාසිගෙන දෙන වගන්ති තිබේදැයි බැලීමට වැවිලි අමාත්‍යාංශය විසින් විශේෂ කමිටුවක් පත් කර යෝජනා ලබාගත් බව ඔබ දන්නවා ද?
9, එම කමිටුවේ යෝජනා පරිදි, අදාළ සිංගප්පූරු සමාගම සමග නැවත සාකච්ඡා කිරීමට යෝජනා වූ බව දන්නවා ද?
10, එම සාකච්ඡාවල දී, නැවත මෙම ආයෝජනය සඳහා එකඟ වන්නේ නම්, අදාළ සමාගම ලංකා රජයට පැවරූ නඩුවේ තීන්දුව ප්‍රකාරව දඩමුදල් අයකර නොගැනීමට තීරණය කළ බව දන්නවා ද?
11, එමෙන්ම සමාගමේ පැරණි යකඩ නොවිකුණා, එහි ඓතිහාසික ස්වභාවය අනුව, කෞතුකාගාරයක් ලෙස පවත්වා ගනිමින් සංචාරක ආකර්ශණයක් කිරීමට එකඟ වූ බව දන්නවා ද?
12, එමෙන්ම, මෙම ආයෝජනය රජයට කොටස් 51% ක් හා අදාළ සමාගමට 49%ක් ලැබෙන පරිදි ඉදිරියට ගෙන යාමට එකඟ වූ බව දන්නවා ද?
මහින්ද පතිරණ