කන්ටේනර් හොරු අල්ලන වැඩේට ආණ්ඩුවෙන් බාල්දියක්… සාක්ෂිකරුවන් කැඳවන යෝජනාව බහුතර බලයෙන් පරදයි…!

April 22, 2026 at 4:41 pm | by emanisa.lk

පරික්ෂාවකින් තොරව රේගුවෙන් කන්ටේනර් 323ක් මුදාහැරීම පිළිබඳ විමර්ශනය සඳහා පත්කළ පාර්ලිමේන්තු කමිටුවේ කටයුතු ආණ්ඩු පක්ෂය සිය බහුතර බලය යොදාගෙන අඩාල කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා පවසයි.

මෙම කමිටුවේ ආණ්ඩු පක්ෂ නියෝජිතයන් 8 දෙනෙක් සහ විපක්ෂ නියෝජිතයන් 4 දෙනෙක් සිටිති.

අදාළ සිදුවීම පිළිබඳ කරුණු විමසීම සඳහා මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය අනුර දිසානායක, එවක වරාය අමාත්‍ය බිමල් රත්නායක, වරාය කටයුතු නි. අමාත්‍ය රුවන් රත්නායක සහ මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශ ලේකම් කැඳවන ලෙස විපක්ෂ කණ්ඩායම ඉල්ලා තිබේ.

කෙසේ වුවද ආණ්ඩු පක්ෂය සිය බහුතර බලය යොදාගෙන එම යෝජනාව පරාජය කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *