කතානායකගේ උපාධිය ගැන මොරටුවෙන් විමසයි… ආචාර්ය උපාධියක් කළාදැයි සැකයක්..!

December 5, 2024 at 10:52 am | by emanisa.lk

වත්මන් කතානායක ආචාර්ය අශෝක රන්වල මහතාගේ මූලික උපාධිය පිළිබඳව පැහැදිලි කිරීමක් කරන ලෙස මොරටුව සරසවියේ ලේඛකාධිකාරී වෙත ලිපියක් යොමු කර ඇතැයි වාර්තා වෙයි.

රජරට වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය විශේෂඥ වෛද්‍ය ආචාර්ය කුමාර කළුආරච්චි මහතා විසින් තොරතුරු දැන ගැනීමේ පනත යටතේ මෙම ලිපිය යොමු කර තිබේ.

ආචාර්ය උපාධියක් සඳහා අඩුම ගණනේ එක් පර්යේෂණ පත්‍රිකාවක් ( research paper) හෝ ඉදිරිපත් කළ යුතු වුවත් කුමාර කළුආරච්චි මහතා පවසන්නේ රන්වල මහතා විසින් ඉදිරිපත් කරනු ලැබූ කිසිදු පර්යේෂණ පත්‍රිකාවක් සොයා ගැනීමට නොහැකි වූ බවයි.

කෙසේ වුව ද කතානායක අශෝක රන්වල මහතා හෝ මොරටුව විශ්වවිද්‍යාලයේ ලේඛකාධිකාරීවරයා මෙතෙක් ඒ පිළිබඳ කිසිදු ප්‍රකාශයක් කළ බවක් වැඩි දුරටත් වාර්තා නොවෙයි.

විශේෂඥ වෛද්ය කුමාර කළුආරච්චි සිය ෆේස්බුක් ගිණුමේ එම ලිපිය පළකර තිබේ.
“ගරු කථානායක තුමනි,
ඔබ වෙනුවෙන් ජනනය කල විකිපීඩියා පිටුවේ සහ තවත් වෙබ් අඩවි කීපයක ඔබතුමා මොරටුව විශ්ව විද්යාලයේ රසායන ඉන්ජිනේරු උපාධිය ද ජපානයේ වසේඩා විශ්ව විද්යාලයෙන් ජෛවරසායනය පිලිබඳ ආචාර්ය උපාධිය ද ලබා ගත්තෙකු බව සඳහන් වේ. ඔබ ශ්රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක ලෙස පත් වූ දා රජයේ ඉන්ජිනේරුවන් ගේ සංගමයේ මුහුණු පොත් පිටුවේද ඒ බව සඳහන් කරමින් ඔබට සුබ පතා තිබුනි.
ආචාර්ය උපාධියක් ගන්නාවිට අඩුම තරමින් එක විද්යාත්මක ප්රකාශනයක් වත් පල කෙරෙන බැවින් ඒවා සියල්ල සටහන් වන Google scholar වෙබ් පිටුවෙන් ඔබේ නම යොදා කරන ලද සෙවීමකට අනුව ඔබේ නමින් එකම එක විද්යාත්මක ප්රකාශනයක් වත් පලවී නැති බව තහවුරු විය. තවදුරටත් සොයා බැළීමේදී ඔබ සමග ශ්රී ලංකා ඛනිජ තෙල් සංස්තාවේ සේවය කල අය හට ඔබ මොරටුව විශ්ව විද්යාලයේ උපාධිධරයෙකු බව අමතකව තිබේ.
වැඩිදුර සොයාබැලීම සඳහා මා මොරටු විශ්ව විද්යාලයේ ලේඛකාධිකාරී තුමා ගෙන් තොරතුරු දැණගැනීමේ පනත යටතේ පැහැදිලිකිරීමක් ඉල්ලා සිටියෙමි. එම විමසුමට ඔබතුමා සත්ය වශයෙන් ම මොරටුව විශ්ව විද්යාලයේ උපාධිධාරියෙකු බව තහවුරු කරමින් සතුටුදායක පිලිතුරක් ලැබේ යැයි අපේක්ශා කරමි. එසේම යම් හෙයකින් ගරු කථානායක තුමා සමග මොරටු විශ්ව විද්යාලයේ උපාධිය හැදෑරූ අයෙක් වේ නම් ඔහු හෝ ඇය එතුමා සැබවින් ම මොරටු විශ්ව විද්යාලයේ විද්යාර්ථියෙකු යැයි මෙහි කොමෙන්ටුවක් දමා සහතික කරන්නේ නම් මා කෘතඥ වෙමි.
සමහර දේශපාලකයන් ගේ අධ්යාපන සුදුසුකම් ව්යාජ ඒවා බවත්, ඔවුන් එම සුදුසුකම් ලබා ගත්තේ අක්රමිකතා මැද විබාග වලට ලිවීමෙන් බවත් චන්දදායකයන් ට රසකර කියමින් හඬ නැගූ ඔබලා තවමත් වියාජ අධ්යාපන සුදුසුකම් වලට විරුද්දව නැගී සිටිනු ඇති බව මගේ විශ්වාශයයි. ජයවේවා”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *