වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධනට කතරගම සතොස වෙළද පරිශ්‍රයේ දී කාන්තාවක් විසින් බැන වැදිම නිසා කතරගම සතොසේ සේවය කළ ආරක්ෂක නිලධාරියා ලෙස සේවය කළ එච්.එම්. කසුන්ගේ වැඩ තහනම් කර තිබේ.
ඉකුත් (30) වැනි දින අමාතයවරයා කතරගම සංචාරය කළ අවස්ථාවේ දීි කතරගම සතොස වෙත පැමිණි අතර එහි දී භාණ්ඩ මිල දි ගැනීමට පැමිණි කාන්තාවක් විසින් අමාත්‍යවරයාට පැවසුවේ මිනිස්සුන්ට ගන්න හාල්වත් නැහැ මාධ්‍ය වෙත පවසන කිසිවක් සතොස මගින් මිල දී ගැනීමට නොහැකි බවය.
මෙම අවස්ථාවෙි දී අමාත්‍යවරයාගේ ආරක්ෂක නිලධාරින් ද සිටි අතර මෙම සිදුවීම වූයේ සතොස ඉදිරිපිට බව සේවයෙන් ඉවත් කළ කතරගම එම ආරක්ෂ නිළධාරියා පැවසිය.
මෙම සිදුවීමෙන් පසුව තමන්ගේ වසර ගණනාවක් පුරා සිදු කළ රැකියාවෙන් ඉවත් කළ බවත් මේ පිළිබඳ සතොස පරිපාලන අංශයෙන් දැනුම්වත් කළ බවත් ඔහු වැඩි දුරටත් පැවසීය.