කජීමා වත්තේ ජනතාවට බදුල්ලෙන් ගෙවල් දෙනවා…! – ඇමැති ප්‍රසන්න රණතුංග…

September 29, 2022 at 9:09 am | by emanisa.lk

කජීමා වත්තේ බදුල්ලේ ලියාපදිංචි පුද්ගලයින් පවා පදිංචි වී ඇතැයි නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.

එහි පදිංචි පුද්ගලයින්ගෙන් නිවාස අත්‍යවශ්‍ය අය නිවැරදි ලෙස හඳුනා ගැනීමට කමිටුවක් පත් කළ යුතු බව පෙන්වා දෙන ඇමැතිවරයා, කොළඹින් පිටත ලියාපදිංචි අය සඳහා ඒ ඒ ප්‍රදේශවල නිවාස ලබා දිය යුතු බව ද ප්‍රකාශ කරයි.

පසුගියදා කජීමා වත්ත නිවාස පෙළක් ගිනි ගැනීමට ලක්වූ අතර එමගින් නිවාස 80ක් විනාශ විය.

කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව ඊයේ (28) කොළඹ දිස්ත්‍රික් කාර්යාලයේ දී කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රදීප් උඳුගොඩගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර එහි දී අමාත්‍ය ප්‍රසන්න රණතුංග මේ බව සඳහන් කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *