කච්චතිව් දූපත අයිති ලංකාවටයි..! එය නැවත පවරා ගන්න බෑ..! – නරේන්ද්‍ර මෝදි…

August 12, 2023 at 1:54 pm | by emanisa.lk

කච්චතිව් දූපත ලංකාවට අයිති බවත් එය නැවත පවරා ගත නොහැකි බවත් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පවසයි.

ඉන්දියාවේ මෝදි ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව එරට පාර්ලිමේන්තුවේ විවාදයට ගත් අවස්ථාවේ ඔහු ‌මේ බව සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාවේ කච්චතිව් දූපතේ අයිතිය ඉල්ලා තමිල්නාඩුවේ ඩී.එම්.කේ. පක්ෂය තමාට ලිපි එවන බව සඳහන් කර ඇති ඉන්දීය අගමැතිවරයා, එම දූපත 1974දී අගමැති ඉන්දිරා ගාන්ධි විසින් ගිවිසුමක් මගින් ශ්‍රී ලංකාවට ලබා දුන් බව තහවුරු කර තිබේ.

ඉන්දිරා ගාන්ධි පාලනය විසින් ශ්‍රී ලංකාව සමග අස්සන් කරන ලද ගිවිසුම් වෙනුවෙන් තමා වගකියන්නේ නැති බවත්, කොංග්‍රසය, මහා භාරතය කොටස් 3කට කඩා දැමූ බවත් ඔහු එහිදී පවසා ඇත.

අතීතයේ ශ්‍රී ලංකාවේ ධීවරයන් මේ දූපත භාවිත කළ බවත් ගිවිසුමකින් පවරා දුන් පසු යළි පවරා ගත නොහැකි බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *