කංජිපානි ඉම්රාන් සහ ගණේමුල්ලේ සංජීව යන පාතාළ නායකයන් දෙදෙනා රටින් පැන්නුවේ ඔවුන්ගේ නීතීඥයන් බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසයි.
උසාවියේ සිට නීතීඥයන් විසින් මොවුන් යම් දුරක් රැගෙන ගොස් තවත් පිරිසකට භාර දී ඔවුන් මෙම දෙදෙනා බෝට්ටුවකට නංවා ඇති බවත් ඔහු හෙළි කරයි.
මේ රටේ කුඩුකාරයින්ගෙන් යැපෙන නීතීඥයන් සුළු පිරිසක් ඇති අතර බහුතරය මිලියන ගණන් මුදල් ගෙව්ව ද කුඩු නඩු භාර නොගන්නා බව ද ටිරාන් අලස් ප්‍රකාශ කරයි.
මෙම කුඩු නඩුවලට පෙනී සිටින්නේ රට හැදීම සඳහා බණ කියන ජ්‍යේෂ්ඨ නීතීඥයන් පිරිසක් ද බව ද ඇමැතිවරයා ප්‍රකාශ කරයි.
අද (18) මහජන ආරක්ෂක අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඇමැති අලස් මේ බව කීය.