ඖෂධ හිඟය දරුණුයි…! පැරසිටමෝල් පවා නෑ..! – GMOA

November 3, 2022 at 7:02 am | by emanisa.lk

ඇතැම් රෝහල්වල පැරසිටමෝල් පවා දැඩි හිඟයක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමඟ පැවැති හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම මේ බව පැවසීය.

සාමාන්‍යයෙන් රෝගීන්ට ප්‍රතිකාර සඳහා ඖෂධ වර්ග 1300කට අධික ප්‍රමාණයක් මෙරට තුළ භාවිත කෙරෙන අතර ඒ අතර පවතින ඖෂධ වර්ග 383 ක් අත්‍යවශ්‍ය ඖෂධ ලෙස සලකනු ලබයි.

මේ වන විට රට තුළ එවැනි ඖෂධ වර්ග 160 ක පමණ ප්‍රමාණයක හිඟයක් පවතින බව රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය වැඩිදුරත් පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *