ඕස්ට්‍රේලියාවේ පාරවල් හදන ඉංජිනේරු සමාගම රැස්වීම තියන්නේ සිංහලෙන්..! – මහාචාර්ය නන්දසිරි කීඹියහෙට්ටි…

June 15, 2023 at 2:40 pm | by emanisa.lk

පෙට්‍රල් ඩීසල් ගෑස් හිඟය ආර්ථික අර්බුදය නොව එහි රෝග ලක්ෂණ පමණක් බවත් නියම ආර්ථික අර්බුදයට මේ වසරේ ජුලි මස මුහුණ දීමට සිදුවන බවත් මහාචාර්ය නන්දසිරි කීඹියහෙට්ටි පවසයි.

මේ නිසා රටේ වෘත්තිකයින් විශාල වශයෙන් රට අතහැර යන බවත් එලෙස යන්නේ නැවත මේ රට දෙස බලා ටොයිලට් යාමට පවා අකමැත්තෙන් බවත් මහාචාර්යවරයා සඳහන් කරයි.

මේ වන විට ඕස්ට්‍රේලියාවේ මාර්ග නඩත්තු කරන මේන් රෝඩ්ස් නම් ආයතනයේ ඉංජිනේරු රැස්වීම පවත්වන්නේ සිංහල භාෂාවෙන් බවයි, මහාචාර්ය කීඹියහෙට්ටි ප්‍රකාශ කළේ.

මේ රටේ පුහුණු ශ්‍රමය කිසිදු ආයාසයකින් තොරව සිය රටවලට ලබා ගත හැකි නිසා අප වැනි රටවල් බංකොලොත් වන එකට මෙන් ම රට බංකොලොත් කරන පාලකයින්ට ද බටහිර රටවල් කැමති බව මහාචාර්ය නන්දසිරි කීඹියහෙට්ට අවධාරණය කළේ ජාතික ජන බලවේග ජන හමුවකට එකතු වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *