ලෝකයේ සෑම රටක ම වැඩිපුර ම අවධානය යොමු කරන්නේ මිනිස් අයිතිවාසිකම් පිළිබඳ යැයි ජාතික ජන බලවේග නායක අනුර දිසානායක පවසයි.
මෑතක තමන් ඕස්ට්‍රේලියාවට ගිය බවත් එම රටේ තත්ත්වය ද එය ම බවත් හෙතෙම සඳහන් කරයි.
අනුර දිසානායක සඳහන් කළේ, කිසිවෙකු රෝගී වී ඇම්බියුලන්ස් එකකට කතා කළ විට ඇම්බියුලන්ස් දෙකක් පැමිණෙන බවයි.
ඒ එක ඇම්බියුලන්ස් එකක කිසියම් දෝෂයක් ඇති වුවහොත් අනෙක් ඇම්බියුලන්ස් එකේ රෝගියා රැගෙන යාමට බවයි, ඔහු ප්‍රකාශ කළේ.
ජාතික ජන බලවේග ජනහමුවක් අමතමින් අනුර දිසානායක මේ බව කීය.