ඕන ඡන්දෙකට අපි ලෑස්තියි..! ජනතාව ඉවසීමෙන් වැඩ කරන්න…! – මහින්ද…

December 12, 2022 at 10:18 am | by emanisa.lk

මැතිවරණයක් පවත්වන්නේ නම් තම පක්ෂය ඊට සූදානමින් සිටින නමුත් දැන්ම මැතිවරණයක් පැවැත්වෙනු ඇතැයි බලාපොරොත්තුවක් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසයි.

“අයවැය සාමාන්‍යයෙන් හොඳයි කියලා මිනිස්සු කියනවා. මේක ධනාත්මක අයවැයක්.

මැතිවරණයක් ආවොත් ඒකට ලෑස්තියි. තාම එහෙම බලාපොරොත්තුවක් නෑ. කල් තියෙනවානෙ තව.
අවුරුදු දෙකක් තියෙනවා නේද තව. අපි කියන්නේ ජනතාවට ඉවසීමෙන් කටයුතු කරන්න කියලා.”

මහින්ද රාජපක්ෂ මේ බව පැවසුවේ ඊයේ (11) අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *