සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය ඔස්සේ නිර්මාණශීලීව ඩොලර් උපයන පිරිසට සහ විදේශ උපදේශන සේවා සපයමින් ඩොලර් උපයන පිරිසට 15%ක බද්දක් පැනවීම රටේ ව්‍යවසායකත්වය සම්පූර්ණයෙන් මරා දැමීමක් බව සර්වජන බලය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පවසයි.
මෙමගින් උන්ඩියල් ක්‍රමය ප්‍රවර්ධනය වී ආණ්ඩුවට ලැබෙන ආදායමද අහිමි වීමේ අවදානමක් ඇතැයි ඔහු අනතුරු අඟවයි.
රටට ඩොලර් උවමනා අවස්ථාවේ මෙම බදු පැනවීම පිටුපස සිටින්නේ කවුදැයි හෙළිදරව් කළ යුතු බවයි, දිලිත් ජයවීර පෙන්වා දෙන්නේ.
රටේ තාරුණ්‍යය සහ ව්‍යවසායකත්වය මත පැනවූ මෙම බද්ද ඉවත් කර ගැනීමට සියලු දෙනා එක්ව බල කළ යුතු බව ද ඔහු අවධාරණය කරයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ, සර්වජන බලය මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.