ඒකාධිකාරය තිබිලත් රාජ්‍ය ආයතන පාඩුව මිලියන 811යි…! ඒවා රකින්න තවත් මහජන මුදල් වෙන් කරන්න බෑ..! – මුදල් රාජ්‍ය ඇමැති…

April 5, 2023 at 5:58 pm | by emanisa.lk

පාඩු ලබන හෝ අපේක්ෂිත ඉලක්ක කරා ළඟා නොවූ රාජ්‍ය ආයතන තව දුරටත් රැක ගැනීමට භාණ්ඩාගාරයට නොහැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසයි.

උපාය මාර්ගික වශයෙන් වැදගත් රාජ්‍ය ආයතන 52 අතරින් 39ක් ලාභ ලබන අතර 13ක් පාඩු ලබමින් පවතින බව ද අමාත්‍යවරයා කියා සිටියේය. එම අලාභ ලබන රාජ්‍ය ආයතන 13හි අලාභය රුපියල් මිලියන 1029ක් වන අතර, ලාභ ලබන ආයතන 39ක ලාභය රුපියල් මිලියන 218කි.

සමස්ත වශයෙන් රාජ්‍ය ආයතනවල වාර්ෂික පාඩුව රුපියල් මිලියන 811කට අධික බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. එමෙන්ම ලාභ ලබන ආයතන රු. මිලියන 28ක් බදු වශයෙන් ගෙවා ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා එහි දී පෙන්වා දුන්නේය.

අදාළ බොහෝ ව්‍යාපාරවල වෙළෙඳපොළ ඒකාධිකාරයේ වාසිය ද රජය සතුව තිබිය දී මෙලෙස එම ආයතන පාඩු ලබන බවත් ඒ සඳහා මහා භාණ්ඩාගාරයෙන් මුදල් වෙන් කිරීම යනු, මෙරට පොදු මහජනතාවගෙන් එක්රැස් කර ගන්නා ලද මුදල් මෙකී ආයතන නඩත්තුවට වෙන් කිරීමක් බවත් අවබෝධ කරගත යුතු යැයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ඒ අනුව ජනතාව මත බර පටවා තව දුරටත් ආයතන පවත්වා ගෙන යාම නොව, ඒවා නියාමන අධිකාරියක් වශයෙන් රජය කටයුතු කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේය.

මුදල් අමාත්‍යාංශයේ පැවැති උත්සවයකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *