එලොව පොල් පෙනෙන ලකුණු… පොල් හිඟය තව මාස තුනක්..!

October 24, 2024 at 12:29 pm | by emanisa.lk

රටේ පොල් හිඟය තවත් මාස තුනක කාලයක් පවතින බව පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති සමන් දේවගේ පවසයි.

ඊයේ (23) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

පොල් වගාවට නිසියාකාරව පොල් පොහොර හා රසායනික වර්ග නොයෙදීම, සුදු මැස්සාගේ හානිය සේම අපනයනය සඳහා වියළි පොල් නිෂ්පාදනය ඉහළ යාම යන කාරණා හේතුවෙන් මෙරට පාරිභෝජනයට සපයා ගන්නා පොල් ප්‍රමාණය අඩුවීමට හේතුවී තිබේ.

මේ වනවිට පොල් ඵලදාව සියයට 50 කින් පමණ අඩුවී ඇතැයිද සභාපතිවරයා සඳහන් කළේය.
මෙරට වාර්ෂික පොල් නිෂ්පාදනය ගෙඩි මිලියන 3,000 ක් වන අතර, ඉන් සියයට 60ත් 70ත් අතර ප්‍රතිශතයක් දේශීය පාරිභෝජනය සඳහා යොදා ගන්නා බව ද සභාපතිවරයා කීවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *