නෝර්වේ හිටපු විදේශ කටයුතු අමාත්‍ය එරික් සොල්හයිම් සිය ලෝක කාලගුණ උපදේශක තනතුරට පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කටයුතු කර තිබේ.
ඔහුට අමතරව මාලදිවයින් හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් ද ලෝක කාලගුණ උපදේශක ධූරයට පත් කොට ඇත.
එරික් සොල්හයිම් පවසන්නේ අදාළ තනතුරට පත්වීමට ලැබීම පිළිබඳ තමන් ආඩම්බර වන අතර හරිත ආර්ථිකයක් ගොඩනැංවීම සඳහා නායකත්වය ලබා දීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට හැකියාව ඇති බවයි.