එදා වඳ කොත්තු ගැන කතා කළ අයට අද පාකිස්ථානෙන් ණයට හාල් ඉල්ලන්න වෙලා…!

February 2, 2022 at 8:38 am | by emanisa.lk

එදා බලය වෙනුවෙන් වඳ කොත්තු ගැන කතා කරමින් ජාතිවාදය ඇවිස්සු උදවිය අද පාකිස්තානයෙන් ණයට සහල් ඉල්ලන තත්ත්වයට පත්ව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගලෙන්බිඳුණුවැව දී (31) පැවසීය.

සෞභාග්‍යයේ දැක්ම අනුව රටේ දුප්පත්කම කෞතුකාගාරයට දායි කියා ජනතාව සිතුව ද අද වන විට ඒවා සියල්ල කණපිට හැරි ඇතැයි ද විපක්ෂ නායකවරයා කීවේය.

“මැතිවරණය දිනන්න කලින් ගොවියෝ ගැන කතා කරපු හැටියට චීනෙටත් හාල් දෙයි කියලයි මිනිස්සු හිතුවේ.

මැතිවරණයට කලින් ගහපු කයිවාරුවල හැටියට ආර්ථිකය ගොඩදාන හැටි ගැන ඇමෙරිකාවටත් ටියුෂන් දෙයි කියලයි අපි හිතුවේ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *