එදා රනිල් පුම්බන්න ගිහින් කට වැරදුණා… ඊට කලින් කවදාවත් රනිල් හමු වෙලත් නෑ…! – දොඩම්පහළ රාහුල හිමි…

March 29, 2025 at 4:01 pm | by emanisa.lk

රනිල් වික්‍රමසිංහ මහතාගේ ජන්ම දින දානමය පින්කමේ දී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුවූයේ අත්වැරදීමකින් බව දොඩම්පහළ රාහුල හිමි පවසයි.

එහිදී එම හිමියන් ප්‍රකාශ කර තිබුණේ ජනාධිපතිවරණ සමයේදී ඉන්ධන නොගෙන්වන ලෙස තමන් වහන්සේ එවකට සිටි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බවයි.

“එදා ඒ වෙලාවේ ඒ වේගයත් එක්ක මට ගන්න නිදර්ශනයක් හරියටම ඔලුවට ආවෙ නෑ,
ඒ වගේ දෙයක් කියන්න තියා මට හමුවෙලාවක් නැහැ. මට හිතන්න වෙලාවක් තිබුණෙ නැහැ,

කැමරාව කොහෙන් අල්ලගෙන හිටියද දන්නෙ නැහැ. මම ඒ වෙලාවේ කැමරාවක් තියෙනවා දැක්කේ නැහැ, ඒ වගේ දෙයක් කියන්න තියා මම කවදාවත් රනිල් සර් මුහුණට මුහුණ හමුවෙලාවත් නැහැ”

හිරු නාළිකාවේ වැඩසටහනකට එකතු වෙමින් උන් වහන්සේ මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *